À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 02 |

A+ A-

‘ – තණමල්විල මල් පිපුනත් – තහනම් රීතියට..
ඒ ඔක්කොම මල්වල ඇති – සුවඳ සිදාදියට

හිරිමල් විය ලං කෙරුවත් – ඉඳුවර හීනියට
හිත් මල ලං කරන්නෙපා – ඇවිලෙන පාපයට ‘

පාප එකක් දෙකක් නෙවෙයි ඔලුව අස්සෙ කැරකිලා ඔලුවම ලේ කනත්තක් කරේ..

වෙලාව පාන්දර එකයි. මං දරු පැටියා පපුවට තුරුල් කරගෙන බෙඩ් ශීට් එකෙන් උගෙ කන් වැහුවෙ කොල්ලගෙ ඇස් හඳ එලියට තාමත් දිලිසෙනවා බලාගෙන.

        අදත් අල්ලපු ගෙදර පාටියක්. බේබද්දො රැල පලාත හෙල්ලෙන සද්දෙන් සින්දු දාගෙන විතරක් නෙවෙයි.. පිස්සු බල්ලො වාගෙ උඩුබුරලද්දි මං කැති පාරවල් කීයක් උංගෙ බෙලිවලට කොටන්න හිතුවද මට මතක නෑ.

        මගෙ දරුවා ලෙඩෙක්.. ඉපදිලා අවුරුදු දෙකෙන් දරුවා සාමාන්‍ය දරුවෙක් නෙවෙයි කියල අපිට වුනත් තේරුනා. දැන් යන්තම් අවුරුදු හතරක් වෙච්ච මගෙ මැනික උපතින්ම ඕටිස්ටික් කියල දැනගත්තම කඩාවැටිල තිබ්බ මගෙ ලෝකෙට කඩාවැටෙන්න තව දිහාත් තිබුන්නෑ.

   ඇත්ත.. ඌ ඉපදෙද්දි උගෙ අම්මටයි තාත්තටයි දෙන්නටම අවුරුදු 16 යි. ඉපදිලා මාස දෙකකට වඩා වියාරා දරු පැටියට කිරි දුන්නෑ. ඊටපස්සෙ කොල්ලා හැදුනෙ පිටි කිරි මත්තෙ.. ඌ ආස නෑ ඒව බොන්න. මට බෑ වියාරට බල කරන්න. ඉපදෙනකොට කිරි බෝලයක් වගේ උන්න මැනික බලන් ඉද්දි ඇදිල ගියා.

      වියාරා දරුවා අරන් මාව දාල යද්දි කොල්ලට අවුරුද්දක් වෙලත් නෑ. ඕව ගැන හිතලම මං පිස්සෙක් වුණා. මගෙ වාසනාවට ඒකිගෙ අලුත් මිනිහා දරුවට කැමති වුනේ නැත්තෙ.. ඒකි ඌ ආපහු ගෙනත් දාල යන්න ගියා. මට ඊටවඩා සතුටක් ඒකි බැන්ඳට පස්සෙ දැනිලම නෑ.

ඒත් අවුරුදු 17 ක කොල්ලෙක් දරුවෙක් එක්ක තනියෙන් මොනවා කරන්නද? කවුරුත් මගෙ පව් කරගහන්න කැමති වුනේ නෑ… ඉගෙනීම කඩාකප්පල් වුන එක අහන්න දෙයක් නෙවෙයි. ඒත් කඩේක හොයාගත්ත කැශියර් වැඩෙත් වියාරා මට නැති කරලා… ඊටපස්සෙ ඒකිට සැලකිලි අඩු වෙද්දියි ඒකි මාව දාල වෙන මිනිහෙක් එක්ක ගියෙ.

     මං කොල්ලව කොට්ටෙට බර කරලා කැත්ත අතට අරන් පිලිකන්නෙ දොර ඇරල එලියට බැස්සෙ.. ඇත්තමයි එකෙක් දෙන්නෙක් මකබාවන අදහසින්මයි. රැයක් දවාලක් නැතුව රට හොල්ලගෙන අප්පට හැමිනෙන වේසිගෙ පුතාල හින්දා මගෙ දරුවට සතියකින් විතර එක දිගට පැය පහක් ඇහැ පියාගන්න උන්නෑ. මුං පෙතිගහල මං හිරේ ගියත් එකයි කියල හිතල එලියට බැස්සත්… ඊටපස්සෙ මගෙ දරුවට යන කලදසාව මතක් වෙද්දි මගෙ කකුල් පන නැති වෙලා ගියා…

කැත්ත පැත්තකට විසි කරලා වැට ලගට ගිය මම ගල් ගෙඩි දෙකක් අතට ගත්තා.

මං කොල්ලා තියන් හිටියෙ පොඩි තනි කාමරේ බෝඩිං ගෙයක. හැරෙන්නත් ඉඩ මදි කුස්සියයි.. එක කාමරෙයි.. අඩි හයේ හයේ සාලෙයි.. ඉස්තෝප්පු කෑල්ලයි.. කාමරේට අල්ලලා තිබ්බ පොඩි බාත් රූම් එකයි. මිදුල කියල කොල්ලට සෙල්ලම් කරන්නත් තිබ්බෙ හුන්ඩුවක් වගේ ඩිංගක්.. මගෙ පොඩි කාලෙ මතක් වෙද්දි කොල්ලා ගැන මට හීල්ලුනා. මට දුවන්න පනින්න සෙල්ලම් කරන්න ලොකු මිදුලක් එක්ක ගෙයක්… සහෝදරයො දෙන්නෙක්.. ගමෙන් එකක් යාලුවො හිටියා. මගෙ කොල්ලට කෝම්පිට්ටුවක් හදාගන්න එක අල්ලක් තරම් පස් ඩිංගක් හදල දෙන්න මට බැරි වුණා. එක අතකට අප්පච්චිලා හරි. එයාල කසාද බැන්දෙ හැමදේම හදාගෙන. එයාල දරුවො හැදුවෙ උන්ට සලකන්න පුළුවන් තරම් වත්කමක් හදාගෙන. නැහැදිච්චකමට කාමර අස්සෙ රිංගල දරුවො හදල උං අසරණ කරපු මං වගේ එකෙකුට එයාල දුන්න දඩුවම සැර මදි. ඒත් ඒ දඩුවම මට වඩා මගෙ කොල්ලව තලපු එකයි මට වාවන්නෙ නැත්තෙ..

    ” තොපි ඔය අටමගල වහල දාල දැන්වත් බුදියගන්නවද .. නැද්ද?! ”

උන්ගෙ ගේ පිලිකන්නෙ තියෙන ටකරං වටකරපු දර ගේ මගෙ බෝඩිං කාමරේ වැට අයිනට ලග තිබුණෙ. ගල් ගෙඩියක් දාල ඒකට ගැහුවෙ ඒ සද්දෙට බැලුවොත් මිසක්.. කෑගැහුවයි කියල ඇහෙන්නෙ නැති තරං සින්දු සද්දෙට දාල තිබුණ හින්දා.

      කොහොම හරි ඔහොම පටන්ගත්ත වලිය කෙලවර වුණේ උංගෙ එකෙක් හොස්පිට්ල් යවලා.. මං හිරේ යවලා.

වාසනාවකට වගේ ‘ අදුරන ‘ පොලිස් මහත්තයෙක් එදා රෑ ඩියුටි හිටියෙ. පොර මාව ශේප් කරල පැයකින් දෙක්කින් ආපහු ගෙදර එව්වා. ඒ එද්දිත් දරුවා කාමරේ නිදි.. යන්තං.. උට නින්ද ගිහින්…

මගෙ ඇහැ කොනෙන් කදුලක් වැටුනා. කොල්ලව ඇහැරන්නෙ නැතුව කම්මුල ඉබලා මමත් ඌ ලගින් ඇලවුනේ තෙහෙට්ටුව වැඩිකමට..

උට විතරක් නෙවෙයි… පහුගිය ටිකේ මටත් හරියට නින්දක් තිබුන්නෑ. උට නින්ද යන්නැතුව මං කොහෙ නිදාගන්නද?! මේ මගෙ පන ටික.. තාම හුස්ම ගන්න හේතුව..  මගෙ ලස්සන මැනික් කැටේ..

මගෙ මොනර පැටියා..

✨️✨️✨️

ආදරේට මං මොනර පැටියා කිව්වට මැනිකගෙ නම මායුර්.. මායුර් අගස්ත්‍ය.. මොනර පැටියෙක් වාගෙ ලස්සන.. අහිංසක වුනාට අහංකාර මගෙ කොල්ලා මම උදේට නැගිට්ටුවෙ කිරි පිටි හැදි දෙකක් දාල හදල දුන්න කිරි කෝප්පෙ අතේ තියලම. නැත්තං නැගිටින්නෙ නෑ. නෑ නෙවෙයි නැගිටින්න බෑ කොල්ලට. මේ සීතලේ.. පාන්දර පහට නැගිටින්න පුළුවන් අවුරුදු හතරක පොඩි එකෙක් ඉන්නවද?

     ” මායු.. ” මම උණු වතුර එකක් අරන් ඇවිත්.. රෙදි කෑල්ලක් පොගවලා කොලු පැටියගෙ මූණ ඩිංගක් පිහල දැම්මා. මම නැගිටින්නෙ පාන්දර හතරට. නැගිටල උයල.. දෙන්නටම ඇතිවෙන්න බත් එකක් බැදගෙන මූණ කට හෝදල ලෑස්ති වෙලා තමයි පොඩි එකා ඇහැරන්නෙ.

ඊටපස්සෙ මං කොල්ලට වද කරලා බත් කටවල් දෙක තුනක් කවන ගමන් මමත් කටක් දෙකක් කනවා. කාල මැනිකට අලුත් ඇදුමක් උඩින් ජර්සියක් අන්දලා.. දොර ලොක් කරගෙන ගෙයින් එලියට බහිනවා.

   මේ දවස්වල මං වැඩ කළේ සෙරෙප්පු ෆැක්ටරියක. රබර් වලින් බාටා කපලා ගෙනත් දාපුවම අපට තියෙන්නෙ පොඩි ටූල් එකකින් බාටාවල පටි දාන්න. අපි වැඩ කළේ ටාගට් එකකට. එක ලේබ කෙනෙක් හදන බාටා ගානටයි ගෙවන්නෙ. ඒ හින්දා මට දරුවා තියාගෙන වැඩ කරන එකට බාධාවක් තිබුන්නෑ.

මම පාන්දරම ගියෙ ෆැක්ටරිය ඇරපු ගමන් වැඩ පටන්ගන්න. හයට පටන්ගෙන හවස හයට වහනකල් උපරිම ටාගට් එකකට යන එක මගෙ ජීවිතේ වෙලා. කොච්චර කරත් මේකෙන් ගෙදර රෙන්ට් එකත් ගෙවලා.. දෙන්නම කාලා… දරුවගෙ බෙහෙත් ටික ගන්න නං සල්ලි මදි.

        මහන්සි නොබලා ගෙදර ඇවිදිල්ලා.. කොල්ලව හෝදලා කවලා පොවල ඇදට ගෙනිහින්… තුරුලට අරන් නිදිකරලා..

යන්තං උට නින්ද ගියාම මගෙ මොනර පැටියා පොරවලා තියල.. උගෙ පරණ බෝනික්කා අරන් තුරුලෙ තියලා කාමරෙන් එලියට එන ගමන් දොර වහල ලොක් කරලා යතුර හංගන්නෙ.. උගෙ මහ එකා උට බෙහෙත් ගන්න මදිපාඩුව හොයන හැටි ඌට ඇහෙනවටවත්.. මගෙ මොනර පැටියට පිටින් එන දාඩියක ගදක් රස්නයක් වැදෙනවටවත් මගෙ තුන් හිතකවත් කැමැත්තක් නැති හන්දා..

✨️✨️ නැවත හමුවෙමු ✨️✨️

තාම introduction chapters  යන්නෙ… 🤍

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 02 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 02 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 02 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 02 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 02 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 02 | light novel, ,

Comment

Leave a Reply

Chapter 2